May 10, 2024

නාමල් බලපු ඒ තරඟයත් ශ්‍රී ලංකාව පරාදයි

ක්‍රීඩා අමාත්‍යංශ රාජපක්ෂ මහතා කෙන්යාවට ගොස් යළි ශ්‍රී ලංකාවට එන අතරතුර මාලදිවයිනටත් ගොඩ වුණා.

එහිදී මාලදිවයිනේ ජනපතිවරයාද මුණගැසුනු අමාත්‍යවරයාගේ අවධානය එරට පැවැත්වුණු දකුණු ආසියානු කලාපීය පාපන්දු ශූරතාවලිය කෙරෙහිද යොමු වුණා.

ශ්‍රී ලංකාවත් තරග බිමේ

ඒ එම තරගාවලියට ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සහභාගි වී සිටි නිසා.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මාලදිවයිනට ඒ අවස්ථාවේ ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර තරඟය නැරඹීමටත් ගිය බවයි වාර්තා වන්නේ.

තරඟයේ ප්‍රතිඵලය

ක්‍රීඩා අමාත්‍යවරයා නැරඹූ එම තරඟයද අවසන් වූයේ ශ්‍රී ලංකාවට පරාජය කර දෙමින්.

අමාත්‍යවරයා මෙම තරගය නැරඹීමට ගියේ ඔහු නැරඹීමට ගිය සෑම ජාතික මට්ටමේ තරගයක්ම පරාජය වන බවට මතයක් ගොඩනැගී තිබෙන පසුබිමක් මත.

නාමල් රාජපක්ෂ මහතා නැරඹීමට ගිය මෙරට පැවැති සෑම ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක්ම අවසන් වූයේ ශ්‍රී ලංකාවට පරාජය අත්පත් කර දෙමින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 October 2021 13:35