April 29, 2024

පොහොර තහනමත් ඉවරයි! හදිසි කැබිනට් රැස්වීමේදී ජනපතිගෙන් තීන්දු රැසක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07)රාත්‍රී පැවැති කැබිනට් ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමේදී තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.

ඒ අනුව කිරිපිටි, ගෑස්, තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

පාලන මිලත් අහවරයි

එම භාණ්ඩවලට පැවැති පාලන මිල ගණන් ඉවත් කිරීමටද එම රැස්වීමේදී තීරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.

කිරිපිටි, ගෑස්, තිරිඟුපිටි සහ සිමෙන්තිවල මිල ගණන් වැඩි කිරිම ඒවායේ පිරිවැය ආවරණය වන පරිදි සිදු කිරීම සඳහා පාරිභෝගික අධිකාරියට පැවරීමට ද එහිදී තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසුවා.

කිරිපිටි කිලෝවක මිල රුපියල් දෙසීයකින් ද, ගෑස් සිලින්ඩරයක මිල රුපියල් පන්සීය පනහකිත්ද, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50 කින් ද වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය කැබිනට් මණ්ඩලයට පසුගියදා යෝජනා කර තිබිණි .

වෙළඳපොලේ භාණ්ඩ හිඟයක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතාට එහිදී උපදෙස් දී තීබෙනවා.

පොහොර තහනමත් රිවස්

මේ අතර තේ වගාව සඳහා රසායනික පොහොර භාවිතයට අවසර දීමට එහිදී තීරණය වී තිබෙනවා.

තේ වගාව කාබනික පොහොර භාවිතයට පියවරෙන් පියවර ගෙන යන තෙක් මෙලෙස පොහොර භාවිතය සඳහා අවසර දීමට තීරණය කර තිබෙන්නේ.

Rate this item
(9 votes)
Last modified on Friday, 08 October 2021 07:43

Related items