May 15, 2024

ගෑස්වලින් උයන අයට අමිහිරි පුවතක්

ගෑස් මිල ගැන අනාවැකියක්

දිවයින පුරා හටගත් ගෘහස්ත ගෑස් හිඟය තවමත් පහව ගොස් නැහැ.

මෙවන් පසුබිමක පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ගෘහස්ත ගෑස් මිල පිළිබඳව අදහස් පළ කොට තිබෙනවා.

අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගෑස් මිල වැඩිකිරීමට සිදුවන බවයි.

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙරට තුළ මිල පාලනය කිරීමට හැකියාවක් නොමැති බව ද ඔහු පවසනවා.

තවත් ගෑස් කතාවක්

මේ අතර මේවන විට ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව මගින් දිනකට ගෑස් මෙට්‍රික් ටොන් 70 - 90ක් පමණ ප්‍රමාණයක් නිපදවන බව සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පෙන්වා දෙනවා. 

කෙසේ වෙතත් එම ප්‍රමාණය මෙරට ගෑස් ඉල්ලුමෙන් 5%ත් 10%ත් අතර ප්‍රමාණයක්වන බව යි ඔහු පවසන්නේ.

එවන් තත්ත්වයක් මත නව පිරිපහදුවක් ස්ථාපිත කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ඔහු සඳහන් කළා.

එම නව පිරිපහදුව දිනකට බැරල් 10,000ක ධාරිතාවයකින් යුතුවන බව යි ඔහු අනාවරණය කළේ.

එමෙන්ම පවතින පිරිපහදුව ද නවීකරණය කිරීමේ සැළසුමක් ඇති බව රමේෂ් පතිරණ මහතා පවසා සිටියා.

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම හරහා මෙරට ගෑස් වෙළඳ පොළෙහි තුන්වැනි තරගකරු බවට පත් වීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට හැකි වනු ඇති බවට ද ඔහු මත පළ කළා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 October 2021 07:22