May 10, 2024

ක්‍රිප්ටෝකරන්සි හොයන අයට ලංකාවෙත් අවස්ථාව

ඩිජිටල් ව්‍යාපාරික පාරිසරික පද්ධතියක් ඇති කිරීම පහසු කිරීම පිණිස ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්වේන් තාක්ෂණය සහ ක්‍රිප්ටෝකරන්සි මයිනින් සහ අවශ්‍ය අනෙකුත් සේවාවන් සැපයීම යන ක්ෂේත්‍ර ඇතුළත්ව ඒකාබද්ධ පද්ධතියක් සංවර්ධනය කිරීම අවශ්‍යතාවය රජය විසින් හඳුනාගෙන තිබේ.

දකුණු ආසියාවේ බොහෝ රටවල් එම ක්ෂේත්‍රයන් ඇගයීම හා සංවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර එම රටවල් සමඟ තරඟකාරී පදනමින් කටයුතු කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගැනීම කෙරෙහිද කඩිනමින් අවධානය යොමුකළ යුතු බවද මෙහිදී තීරණය වී තිබෙනවා.

ඒ අනුව, එම ක්ෂේත්‍රයන්හි කටයුතු කරන සමාගම් වෙත ආයෝජනයන් ආකර්ශනය කර ගැනීම සදහා අවශ්‍ය අණපනත්, නීතිරීති හා රෙගුලාසි පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත අවශ්‍ය කරුණු වාර්තා කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි නිපුණ වෘත්තිකයින්ගේ සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට මෙහිදී අවධානය යොමුව තිබේ.

ඊට අමතරව 1978 අංක 04 දරන ආයෝජන මණ්ඩල පනත සහ ඊට අදාළ සංශෝධනයන්හි විධිවිධානයන්ට යටත්ව, ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා අනුමැතිය ලබාදීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයට අවසර ලබාදීමටත් සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් යොමු කර ඇති කැබිනට් යෝජනාවට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 October 2021 16:38