July 02, 2024

එල්.ටී.ටී.ඊ යේ 50ක් යළි අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ ය නැවත නැගී සිටීමට උත්සහ දැරීමක් සම්බන්ධයෙන් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් කරනු ලබන විශේෂ පරීක්‍ෂණයකට අදාලව මේ වනවිට ඊට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

{module LOLC}

ඔවුන් අතර පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ද සිටින බවත්  යුද්ධය අවසන් වීමෙන් පසු ආරක්‍ෂක අංශයට භාරවී පුනරුත්ථාපනය නොවූ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් අත්අඩංගුවට ගත් අය අතර වැඩි වශයෙන් සිටින බවත් පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

ඒ අයගෙන් බොහෝ දෙනෙක් විදෙස් ගතව සිට පැමිණි අය බවත් දෙමළ ඩයස්පෝරාවේ උවමනා එපාකම් මත ක‍්‍රියාත්මක වන ඔවුන් ට නායකත්වය දෙන්නේ ගෝපි, අප්පන් සහ තේවියන් යන එල්.ටී.ටී,ඊයේ ප‍්‍රබලයන් තිදෙනෙක් බව අනාවරණය වී තිබේ.

ඒ අය සැළසුම් කරමින් සිට ඇතැයි අනාවරණය වී ඇත්තේ එකවර දැවැන්ත කඩාකප්පල් ක‍්‍රියාවක් සිදුකිරීම බව පොලිස් තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 April 2014 09:57