April 29, 2024

ත්‍රී'මලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට? ඉන්දීය විදේශ ලේකම්ගේ ලංකා ගමන ගැන හෙළිවෙයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය දීර්ඝකාලීනව ඉන්දියාවට පවරාදීමට රජය සැරසෙන බවට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව චෝදනා කරනවා.

නමුත් තමන් එම ප්‍රයත්නය පරාජය කරන බවයි එම එකමුතුව ප්‍රකාශ කළේ.

ඉන්දීය විදේශ ලේකම්ගේ සංචාරයේ රහස

ඉන්දියානු විදේශ ලේකම්වරයා මෙරටට පැමිණෙන්නේ ද ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට බව ද එහිදී වෘත්තිය සමිති පෙන්වා දුන්නා.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරාදීමට එරෙහිව සංවිධාන ඊයේ (02) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කළ අතර එම මාධ්‍ය හමුවට ඛනිජ තෙල් සංස්ථාවේ සියලු වෘත්තිය සමිති එක්ව සිටීමද විශේෂත්වයක්.  

වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශිලී සේවක සංගමයේ බන්දුල සමන් කුමාර මහතා පැවසූවේ මේ මොහොත වනවිට චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය නැවත වතාවක් ඉන්දියාවට බදු දීමේ සුදානමක් ඛනිජ තෙල් අමාත්‍යාංශයේ, ආණ්ඩුව විදියට මේ වෙලාවේ කටයුතු කරමින් සිටින බවත් මේ අවස්ථාව වන විට විෂය භාර අමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ අමාත්‍යවරුන් ගණනාවක් ඒ වගේම ඉන්දියන් ඔයිල් සමාගමේ නිලධාරීන් චීන වරාය තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක, හෙට දවසේ තවත් කටයුත්තක නිරත වන බවට තොරතුරු ලැබී ඇති බවත්ය. 

අපිට තියෙන ප්‍රශ්නේ මේකයි

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති, ජගත් විජේගුණරත්න මහතා පවසා සිටියේ "අපිට තියෙන ප්‍රශ්නේ, ඇයි ඉන්දීය විදේශ ලේකම්තුමා හදිසියේ ම ත්‍රිකුණාමලයේ යන්නේ. අපේ විෂයභාර ඇමතිතුමත් එහෙ ගිහින්."

එක්සත් ජාතික පක්ෂ රජය කාලයේ ලේකම් එන්නේ තෙල් ටැංකි ගිවිසුම දීර්ඝ කිරීමට බවත් ටැංකි සංකීර්ණයේ ටැංකි 16ක් ඇතුළු මුහුදු භූමියේ තියෙන බංකර්භූමිය අවුරුදු 50කටත් ඉහළාංගනයේ ටැංකි 60ක් බදු දීමට සූදානමක් පවතින බවත් ජාතික සේවක සංගමයේ, උපසංවිධායක ආනන්ද පාලිත මහතා අවධාරණය කළා.

මේ අතර ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.

මෙහිදී ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවට අමතරව, ඉන්දීය විදේශ ලේකම්වරයා ජනාධිපතිවරයා,  අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවීමට ද නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 October 2021 08:51