July 02, 2024

ඇමති සෙනෙවිරත්න පළාත් සභාවට දෙහි කපයි

උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් ලබා දී අවසන් කිරීමට මධ්‍යම රජයට පළාත් සභාවල සහයෝගය සහ මැදිහත්වීම් අත්‍යවශ්‍ය බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ කොළඹ සංවර්ධන පරිපාලන ආයතනයේ පැවති දිසාපති සමුළුව අමතමිනි.

උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගෙන ඔවුන්ගෙන් 41,000 ක් පමණ ස්ථිර කර ඇති බවත් ඇතැම් පළාත් සභා, උපාධිධාරී වැඩසටහන සාර්ථකව අවසන් කර ගැනීමේ වගකීම මධ්‍යම රජයට පටවා අවශ්‍ය සහයෝගය ලබාදීම මඟහරිමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසී ය.

එසේ නොවුණානම් සියළුම උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් ලබා දී අවසන් බවත් ජනාධිපතිවරයා උපාධිධාරීන් සඳහා රාජ්‍ය සේවයේ දොරටු විවර කළේ මධ්‍යම රජයට පමණක් නොව සමස්ථ රාජ්‍ය සේවය වෙනුවෙන් බවත් එනිසා මෙම වැඩපිළිවෙලින් බැහැරවීමට පළාත් සභාවලට නොහැකි බවත් හෙතෙම සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)