May 10, 2024

මහ රෑ ගිවිසුම ගැසූ හේතු ඇමති නාමල් හෙළි කරයි Featured

September 28, 2021

මධ්‍යම රාත්‍රියේ 12.06 ට අත්සන් කිරීමට හේතුව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අනාවරණය කර තිබෙනවා.

එම ගිවිසුම අත්සන් කළේ ඉකුත් සිකුරාදා (17) මධ්‍යම රාත්‍රියේ.

දෙපාර්ශ්වයටම පහසු වේලාව

එම ගිවිසුම අත්සන් කළේ නැකතක් බලා නොව දෙපාර්ශවයටම පහසු වෙලාවක බවට පිළිතුරක් විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ලබාදී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එනිසා ලොකුගේ අමාත්‍යවරයාට පහසු වේලාවක එම ගිවිසුම අත්සන් කර ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා ආණ්ඩුවකට පැය 24 ම වැඩ කිරීමට හැකි නම් එය හොඳ ප්‍රවණතාවයක් බවයි සදහන් කරන්නේ.

ඒ හැරුණු කොට තවත් වැදගත් කරුණක් ද නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

විශේෂ හෙලිදරව්ව

ඒ රටවල් දෙකක් අතර ගිවිසුම් අත්සන් කරද්දී දෙපාර්ශ්වයටම පහසු වෙලාවක එය අත්සන් කිරීම සාමාන්‍ය දෙයක් බවයි.

ලංකාවේ රාත්‍රී 12 කියන්නේ ඇමරිකාවේ දහවල් 1 වගේ වෙලාවක් නිසා දෙපාර්ශ්වයම එකතු වෙන වෙලාවක එම ගිවිසුම අත්සන් කළ හැකි බවයි අමාත්‍යවරයාගේ මතය වන්නේ.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම රහස් හෙළි කළේ එම ගිවිසුම මධ්‍යම රාත්‍රියේ අත්සන් කිරීම පිළිබඳව මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එම ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 250ක් ලැබීමට නියමිතයි.

එම ගිවිසුම මධ්‍යම රාත්‍රියේ 12.06 අත්සන් කළ ඇමරිකානු සමාගම එදිනම එළිවෙන ජාමෙට රටින් පිටමං වීම පිළිබඳව සමාජය තුළ කතිකාවතක් ගොඩ නැගී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 September 2021 09:48