April 30, 2024

රටම බලා සිටි යෝජනාව බැසිල් අද කැබිනට්ටුව දෙයි

September 27, 2021

ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට අද (27) ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව ලබන වසරේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා දේශීය හා විදේශීය මූලාශ්‍ර වලින් රුපියල් කෝටි තුන්ලක්ෂ දහඅට දහස් හාරසියයක ණය ලබා ගැනීමට රජය අපේක්ෂා කරන බව වාර්තා වනවා.

මෙම ණය ලබා ගැනීම් යෝජනාව ද අද කැබිනට්ටුවට ඉදිරිපත් කරන අයවැය විසර්ජන පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇතැයි සඳහන්.

රජයේ වියදමට වඩා ආදායම අඩු වීම හේතුවෙන් මෙම ණය මුදල් ලබා ගැනීමට නියමිතයි.

ලබන වසරේ සමස්ත පුනරාවර්තන වියදම රුපියල් කෝටි දෙලක්ෂ අසූ හත් දහස් අටසියයක් පමණ වන අතර, ප්‍රාග්ධන වියදම රුපියල් රුපියල් කෝටි දෙලක්ෂ පනස් පන්දහසක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් කෝටි පන්ලක්ෂ දහ තුන් දහස් හාරසියයක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 28 September 2021 09:15