July 02, 2024

ඒ 9 ඉහළට, අසමතුන් පහළට

පසුගිය වසරේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල අනුව අපොස උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලැබීමේ ප්‍රතිශතය සියයට 66.67ක් බවත් එය 2016දී සියයට 75ක් දක්වා ඉහළට ගෙන ඒමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද(04) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

2013 වසරේදී සිසුන් 176534 දෙනෙකු අපොස උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර එහි ප්‍රතිශතය සියයට 66.67කි. 2012 වසරේදී සිසුන් 174160ක් සුදුසුකම් ලබා ඇති අතර එහි ප්‍රතිශතය සියයට 64.74කි  

එම ප්‍රතිඵල අනුව සියලු විෂයයන්ට ඒ සාමාර්ථ ලැබූවන් 5737ක් වන අතර එය ප්‍රතිශතයන් ලෙස සියයට 2.17කි. පසුගිය වසරේ ඒ සාමාර්ථ ලැබූවන් 4509ක් වන අතර එය සියයට 1.68ක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

2012 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී විභාගයේ සියලු විෂයයන් අසමත්වූ සිසුන් සංඛ්‍යාවේ අඩුවක් ද දක්නට ලැබෙන අතර ඒ අනුව 2012 සාමාන්‍ය පෙළ විභාගය අසමත්වූවන් 11,100කි. එහි ප‍්‍රතිශතය 4.13 කි. 2013 වර්ෂයේදී සමත්වූවන් 9444ක් ලෙස සියයට 3.57 දක්වා අඩු වී ඇත. 

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල අනුව 1994 දී අපොස උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලැබීමේ ප්‍රතිශතය සියයට 22කි. 2006 - සියයට 51.2ක්ද, 2009 - සියයට 52.1ක්ද, 2010 - සියයට 60.57ක්ද, 2011 - සියයට 60.80ක්ද, 2012 - සියයට 64.74ක්ද, 2013 - සියයට 66.67ක් ලෙස වර්ධනය වී තිබේ.

 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 04 April 2014 16:59