May 03, 2024

ඇමති බැසිල්ට, මන්ත්‍රී හකීම්ට අලුත් වැඩක්

September 23, 2021

ඡන්ද ක්‍රමය සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා අලුතින් පත්කර තිබෙනවා.

ඒ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතිරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් ලෙසය.

අධ්‍යාපන අමාත්‍ය, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා එහි සභාපතිත්වය දරනවා.

මේ බව කථානායකවරයා ඊයේ (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර ඒ අනුව එහි සාමාජිකයන් සංඛ්‍යාව 17ක් බවට පත් වෙයි. 

නිමල් සිරිපාල ද සිල්වා, ජී. එල්. පීරිස්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්දා, විමල් වීරවංශ, එම්. යූ. එම්. අලි සබ්රි යන අමාත්‍යවරු ද ජීවන් තොන්ඩමන්, අනුර දිසානායක, කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්. ඒ. සුමන්තිරන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මන්ත්‍රීවරු ද මෙම විශේෂ කාරක සභාව නියෝජනය කරනු ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 September 2021 10:29