May 14, 2024

ආණ්ඩුවේ කැරළිකාර පිල මෛත්‍රීගේ නිවසේ රහස් සාකච්ඡාවක!

September 22, 2021

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතාගේ නිල නිවසේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් අද(21) හදිසියේ රැස් වී තිබෙනවා.

යුගදනවි බලාගාරයේ 40% ක කොටස් අමෙරිකානු සමාගමකට පැවරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මෙම ක්‍රියාවලිය පිළිබඳව තම අදහස් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඉදිරිපත් කිරීම අරමුණ බව දයාසිරි ජයසේකර මහතා සඳහන් කළා.

විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන් ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පාර්ශව 11 ක් පෙරේදා (20) පස්වරුවේත් රැස් වී සාකච්ඡා කර තිබෙනවා.

එහිදී ඔවුන් කියා සිටියේ මෙම ක්‍රියාවලිය අත්හිටුවීම සඳහා දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් වන බවයි.

අද (21) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී පක්ෂ නායකයින් සාකච්ඡා කර ඇත්තේ, එහි තවත් පියවරක් ලෙසය.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 22 September 2021 09:02