May 10, 2024

ජ්‍යෙෂ්ඨයෝ නාමල් යටතේ බෑ කියයි: කනිෂ්ඨයෝ හා කියයි

September 13, 2021

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ පත් කිරීමට නියමිත අධීක්ෂණ මන්ත්‍රී ධූර යෝජනාවට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් අකමැත්ත පළ කර තිබෙනවා.

එම පිරිසට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු පමණ දැනට සිටින බවයි වාර්තා වන්නේ.

පසු පෙළ ජ්‍යෙෂ්ඨයෝ

ඒ අතරට කලක් කැබිනට් අමාත්‍යධුර හා රාජ්‍ය අමාත්‍යධුර දරා අද ආණ්ඩු පක්ෂයේ පසු පෙල මන්ත්‍රීධූර වලට සීමා වී සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු සියල්ලන්ම පාහේ ඇතුළත් බවයි දැනගන්නට තිබෙන්නේ.

එහෙත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ එම අධීක්ෂණ මන්ත්‍රී ධුර ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් තුළ විශාල කැමැත්තක් තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙසේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ පත් කිරීමට නියමිත ආණ්ඩු පක්ෂයේ පසුපෙළ නියෝජනය කරන අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 50ක්.

වරප්‍රසාද රැසක්

එසේ පත් කරණ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට නිල රථයක් මෙන්ම ඉලක්කම් හයක සැලකිය යුතු දීමනාවක් ලබා දීමට නියමිතව තිබෙනවා.

පසුගිය මස සිදු වූ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට අලුතින් ලබාදුන් ව්‍යාපෘති සංවර්ධන සම්බන්ධිකරණ අමාත්‍ය ධූරයට විශාල බලතල රාශියක් හිමිව තිබෙනවා.  

ඒ යටතේ විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් සකස් කිරීමටයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට ජනපතිවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ.

එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේ අධීක්ෂණ මන්ත්‍රීවරු 50ක් පත් කිරීමටත් ජනපතිවරයා තීරණය කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 12 September 2021 23:10