May 14, 2024

මං තීරු කල්ලියට හිටපු ජනපතිගෙන් ප්‍රතිචාර - හදනවානම් මෙතන හදාගන්න

මතභේදයට තුඩු දී තිබෙන පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මං තීරුවක් ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් සිය ස්ථාවරය ප්‍රකාශ කොට තිබෙනවා.

පරාක්‍රම සමුද්‍රය පිහිටා තිබෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයම නියෝජනය කරන සිරිසේන මහතා සිය නිවේදනයෙන් කරුණු තුනක් පෙන්වා දෙන අතර යෝජිත මංතීරුව ඉදිකිරීමට සුදුසු ස්ථානයක් පිළිබඳවද යෝජනා කරනවා.

අංශ තුනක් ගැන අවධානය

ව්‍යාපෘතිය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් කිරීම , විශේෂඥයන්ගේ උපදේශන සේවයක් ලබා ගැනීම හා ඉදිකිරීම යන අංශ ගැන අවධානය යොමු කළ යුතු බව පෙන්වා දෙන හිටපු ජනපතිවරයා එය ඊට සම්බන්ධ ආයතන තුනකින් සිදු කළ යුතු බවයි සදහන් කරන්නේ.

එම කරුණු තුන කොතරම් දුරට සම්පූර්ණ වී ඇත්දැයි තමන් නොදන්නා බව පෙන්වා දෙන ජනපතිවරයා ශ්‍රී ලාංකීය වාරි තාක්ෂණයේ විශිෂ්ටතම නිර්මාණයක් වූ පරාක්‍රම සමුද්‍රය වැනි විශාල ජලාශයකට අත තැබීමට පෙර ඒ සම්බන්ධයෙන් විද්‍යානුකූල දැනුවත් වීමක් සිදුකර ගන්නා ලෙසටයි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන්නේ.

එමෙන්ම මෙම ප්‍රශ්නයට විසඳුමක්ද හිටපු ජනපතිවරයා විසින් ඉදිරිපත් කොට තිබෙනවා.

ඇවිදින මං තීරුවට සුදුසු තැන

පරාක්‍රම සමුද්‍රයේ මහා වේල්ලෙ නැගෙනහිර අවසාන කොටසින් එපිටට වන්නට ඇති වෙල්යාය අතර අඩි පාරක් වැනි ප්‍රදේශය ඇවිදින මං තීරුව සඳහා සුදුසු බවයි හිටපු ජනපතිවරයා යෝජනා කරන්නේ.

තමාගේ මැදිහත් වීම මත රු.කෝටි ගණනක ලෝක බැංකු ආධාර පරාක්‍රම සමුද්‍රයේ බැම්ම ශක්තිමත් කිරීමට කටයුතු කළ බවයි සිය නිවේදනයෙන් හිටපු ජනපතිවරයා මතක් කර දෙන්නේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකුද වන හිටපු ජනපතිවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේයි.

No photo description available.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 31 August 2021 00:23