April 29, 2024

ඇඳිරි නීති බලපත්‍ර නෑ - අවසර ලැබෙන්නේ මේ අයටයි

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස් ස්ථාන මගින් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

බලපත්‍ර බලාගැනීමට පොලිස් ස්ථානවලට පැමිණීමෙන් වළකියන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

වෙළෙදාම් කිරීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම දිසත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරු හරහා ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාවට අනුව අත්‍යාවශ්‍ය සේවාවල පුද්ගලයින්ට සිය හැදුනුම්පත හෝ ආයතන ප්‍රධානියා විසින් නිකුත් කරනු ලැබූ ලිපියක් පරීක්ෂා කිරීම්වල නිරත පොලිස් නිලධාරීන්ට පෙන්වීම ප්‍රමාණවත් බවයි.

Rate this item
(5 votes)
Last modified on Sunday, 22 August 2021 14:29