April 29, 2024

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයේ වෙනසක්

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පත් කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුර ද හොඹවනු ලබයි.

නිහාල් තල්දූව මහතා මීට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කළා.

මේ දක්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතායි.

Rate this item
(0 votes)

Related items