May 15, 2024

රනිල් හොල්මන් වෙයි: හරීන් තීන්දුවක් ගනි

"මම අ.පො.ස (සාමාන්‍ය පෙළ) කරන කොටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා.දැන් මගේ දුව සාමාන්‍ය පෙළ කරනවා. එතකොටත් එජාප නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි" මෙහෙම කියන්නේ සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයායි.

දැනගන්නට තිබෙන ආකාරයට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට තිබෙන්නේ 1995.

හරීන් රනිල්ට දාපු නෝන්ඩිය

ඒ විතරක් නෙවෙයි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙහෙමත් කියනවා.

"මමත් සාමාන්‍ය පෙළ කරනකොට හිටපු එ.ජා.ප නායකයා මගේ දුවත් සාමාන්‍ය පෙළ කරනකොට ඒ නායකකමෙම එදා මෙන්ම අදත් විපක්ෂය නියෝජනය කරමින් ඉන්නව නං එහෙම පක්ෂයකට අනාගතයක් කොහෙද."

මන්ත්‍රීවරයා එහෙම කියන්නේ පසුගිය දින කිහිපයේ ඔහු ගැන බොහෝ දෙනෙකු තුළ කුකුස දුරු කරමින්.

යළි එක්සත් ජාතික පක්ෂයට

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සමගි ජන බලවේගය නියෝජනය කලත් යළිත් එක්සත් ජාතික පක්ෂය සමග එකතුවේදැයි යන සැකයක් තිබ්බා.

එම සැකය දුරු කරමින් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තීරණයක් ගෙන තිබෙනවා.

ඒ සුපුරුදු පරිදි දිගටම සමගි ජන ජන බලවේගය සමග දේශපාලන කටයුතු වල නියැලීමටයි.

රනිල් සහ රුවන්ගේ අනාවැකි

එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය කාලයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තමා සමග ඉතා සමීප බව ඒත්තු ගැන්වීමට බොහෝ දේ කලා.

ඒ හරහා ජන බලවේගය තුළ අර්බුදයක් නිර්මාණය කිරීම වික්‍රමසිංහ මහතාගේ අරමුණ වී තිබුණු බව ප්‍රකට කරුණක්.

එ.ජා.ප නායකයා පමණක් නොව නියෝජ්‍ය නායක රුවන් රුවන් විජේවර්ධන එජාප ප්‍රබලයන් අමතා සඳහන් කර තිබෙන්නේ තමන් කතා කරන ඕනෑම වේලාවක හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එ.ජා.ප යට එකතු වීමට සූදානම් බවයි.

වාර්තා වන තොරතුරු වලට අනුව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ආසනයේ සමගි ජන බලවේග සංවිධායකවරයා ලෙස ළඟදීම පත්වීමට නියමිතයි.

Rate this item
(5 votes)
Last modified on Tuesday, 10 August 2021 07:46