April 29, 2024

බෝම්බ ප්‍රහාරයක් ගැන සමාජ මාධ්‍යයේ යන හඬ පටය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

මිරිහාන, නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත සහ බම්බලපිටිය යන ප්‍රදේශවල යම් පිපිරීමක් සිදුවිය හැකි බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රවෘත්තියක් හුවමාරු වෙමින් පවතිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ එම පුවත සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බවයි.

එම නිසා ඒ සම්බන්ධයෙන් කිසිදු කලබලවීමක් අවශ්‍ය නොවන බවද ඔහු අවධාරණය කළා.

2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව යම් පුද්ගලයෙකු විසින් නිර්මාණය කොට අන්තර්ජාලයට මුදාහල හඬ පටයක් නැවත වතාවක් මේ අයුරින් හුවමාරු වෙමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ෂණයක් ආරම්භ කර ඇති බව මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ.

Rate this item
(0 votes)

Related items