May 10, 2024

යුපුන්ට අපහාස කළ පුවත්පත ගැන ඇමති නාමල්ගේ අවධානය

බිලියන 1.9ක් වාසය කරන දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වන්නට පසුගියදා යුපුන් අබේකෝන් සමත් වන්නේ මීටර් 100ක් දුර දිවීමේ තරග තප්පර 10.16ක කාලයක් තුළ අවසන් කිරීමට සමත් වීමත් සමඟයි.

ඒ අනුව යුපුන් ඔලිම්පික් සඳහා සුදුසුකම් ලැබු‍වේ දකුණු ආසියාවෙන්ම මීටර් 100ක් දුර දිවීම සඳහා සුදුසුකම් ලැබූ එකම ක්‍රීඩකයා බවට පත් වෙමිනි.

කෙසේ වෙතත් ඔලිම්පික් හී මීටර් 100 ඉසව්වේ මුලික තරගයකදී යුපුන්ට පරාජයට පත් වන්නේ එම තරගයේ සය වැන්නා බවට පත්වෙමිනි.

පරාජයෙන් පසුව මිලියන 22ක් වූ ශ්‍රී ලාංකික ජනතාවගෙන් සමාව ඉල්ලීමට තරම් යුපුන් නිහතමානී වන්නේ ඔහු බලාපොරොත්තු වූ ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැකි වූ බවද පවසමින්.

කෙසේ වෙතත් මෙම පරාජයෙන් පසුව මෙරට ප්‍රධාන පෙළේ ඉංග්‍රීසියෙන් පළවන ජාතික පුවත්පතක් විසින් මෙම අපුරු ක්‍රීඩකයාට අපහාස වන ආකාරයේ සිරස්තලයක් ද සහිතව පුවතක් පළ කර තිබුණා.

එම පුවත්පත විසින් යුපුන්ව හඳුන්වා දී තිබුණේ සෝචනීය අයෙකු ලෙසිනි.

මෙම පුවත්පතේ වාර්තාව පිළිබඳව ක්‍රීඩා සහ තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබුණු අතර ඔහු විසින් එම මාධ්‍ය වාර්තාව විවේචනය කර තිබුණා.

එහිදී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ මෙවැනි ලිපි ප්‍රකාශයට පත්වීම ඉතාමත් කණගාටුදායක කරුණක් බවයි. ක්‍රීඩකයන්ට අපහාස කිරීමට වඩා එම ක්‍රීඩකයන්ගේ සීමාවෙන් එහාට ඔවුනට යෑම සඳහා දිරිමත් කිරීම කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එහිදී අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ “මීට මාස කිහිපයකට පෙර මෙම මලළ ක්‍රීඩකයා දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්වී අපේ ජාතියට කීර්තියක් ගෙන දුන්නා, අපි එය අමතක නොකරමු.” ලෙසිනි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ට්විටර් සටහනක් තබමින් වන අතර එම ට්විටර් සටහන පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Monday, 02 August 2021 17:28