රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහ ඔහුගේ පක්ෂය සමඟ ඉදිරියේ සන්ධාන ගත වීම සඳහා සිය පක්ෂයේ කිසිදු තීන්දුවක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබෙනවා.
එහිදී විපක්ෂ නායකවරයා විසින් පවසා සිටියේ රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂයේ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහාය පළ කළ මන්ත්‍රීවරුන් සිටිනතාක් මෙන්ම දැන් පැන නැගී ඇති ගැටලු නිරාකරණය වෙනතෙක් ඔවුන් සමඟ කිසිදු සන්ධානයකට නොයන බවයි.
හරීන් ප්‍රනාන්දු මහතා සමඟ කොළඹ පිහිටි අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව පැමිණි අවස්ථාවේ විපක්ෂ නායකවරයා විසින් මාධ්‍ය හමුවේ මේ බව පවසා තිබුණා.
එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉදිරි මැතිවරණ සඳහා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ පක්ෂය විසින් සන්ධාන ගත වීමක් සඳහා ඉල්ලා තිබූ නමුත් ඔවුන් දැන් අලුත් සන්ධානයක් ගොඩ නඟමින් සිටින බවයි.
රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂ තවමත් සමගි ජන බලවේගය සමඟ කිසිදු සන්ධාන ගත වීමක් සිදු නොවී ඇති බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී තවදුරටත් පවසා සිටියා.