රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සිට ලිංගික අතවරයට ලක්ව පසුව ගිනි ගැනීමකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය දැරිය සම්බන්ධව මේ වන විට පක්ෂ විපක්ෂ දේශපාලනය තුළ උණුසුම් කතාබහක් නිර්මාණය වෙමින් තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මේ සම්බන්ධව සිය අදහස් ප්‍රකාශ කර සිටි අතර එහිදී ඔහු පවසා සිටියේ “අපිට පුද්ගලයා වැඩක් නැහැ, ජාතිකම් අපිට වැදගත් නැහැ, ආගමට අපි තකින්නේ නැහැ, නීතිය ඉදිරියේ අපි යාළු හිතවත්කම් තකන්නේ නැහැ” යනුවෙනි.
සිය පක්ෂයට අවශ්‍ය වන්නේ මෙම සිදුවීම සම්බන්ධව හරියාකාරව නීතිය ඉෂ්ට කිරීම බවද විපක්ෂ නායකවරයා විසින් පවසා සිටියා.
ළමා අයිතිය, කාන්තා අයිතිය නැති කරන පුද්ගලයින්ට නිකන් දඬුවම් නොව දැඩි දඬුවම් ලබාදිය යුතුයි යන ස්ථාවරයේ සිය පක්ෂය සිටින බවද විපක්ෂ නායක සජීත් ප්‍රේමදාස මහතා පවසා සිටියා.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (23) දිනයේ පැවැති විරෝධතා පාගමනක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.