පසුගිය 18 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඡන්දය ලබාදුන් විපක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරුන් කණ්ඩායමද පැමිණ තිබෙනවා.
ආණ්ඩු රැස්වීමේ සිටි විපක්ෂ මන්ත්‍රීවරුන්!
මෙම රැස්වීම අවසන්වී මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් පිටත්ව යන අවස්ථාවේ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහත්වරුන් සමඟ පිටත්ව යන ආකාරය මෙහිදී දැකගත හැකි වුණා.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට විරුද්ධව සමගි ජන බලවේගය විසින් ගෙනවිත් ඇති විශ්වාසභංග සඳහා එරෙහිව ඡන්දය භාවිත කිරීමට මෙම මන්ත්‍රී කණ්ඩායම එකඟ වී තිබෙනවා.
විපක්ෂයේ කණ්ඩායමක් අගමැතිවත් රහසේ හමුවෙයි
ඊයේ (19) දිනයේ දී ද විපක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව හමුව ඇති බවට වාර්තා වෙනවා.
මෙලෙස අග්‍රමාත්‍යවරයාව හමුව ඇත්තේ නසීර් අහමඩ්, මර්ජාන් ෆලීල්, ඉෂාක් රහුමාන්, අලි සබ්රී රහීම්, ඒ.එල්.එම් අතාවුල්ලා, එච්.එම්.එම් හාරිස් සහ මුෂාරෆ් මුදුනබීන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.
ඒ.එල්.එම් අතාවුල්ලා සහ මර්ජාන් ෆලීල් යන් මන්ත්‍රීවරුන් දෙදෙනා හැර අනිත් මන්ත්‍රීවරුන් පිරිස රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් විසින් නායකත්වය දරන පක්ෂවල සාමාජිකයන් වෙනවා.