July 02, 2024

ආර්ඩීඒ සේවකයින් වර්ජනයකට සැරසෙයි

2013 වර්ෂයට හිමි දිරි දීමනා මුදල තවමත් ලබා නොදීම හේතුවෙන් මාර්ග සංවර්ධන සේවකයෝ වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට සැරසීමට කටයුතු කරන බව මාර්ග සංවර්ධන සේවක සංගමය පවසයි. 

සෑම වර්ෂයකම දෙසැම්බර් මාසය තුල මෙම දිරි දීමනාව ලබා දුන්නද මේ වර්ෂයේ එය තවමත් නොලැබීම නිසා සියළු සේවකයෝ දැඩි නොසන්සුන් තාවයකට පත්ව ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා දැනුවත් කළද තවම විසඳුමක් ලැබී නොමැති බවත් එබැවින් ඊට විරෝධය පල කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ සියළු වෘත්තීය සමිති ඒකාබද්ධව වෘත්තීය ක‍්‍රියාමාර්ග වෙත අවතීර්ණය වීමට තීරණය කර ඇති බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ ය. 

Rate this item
(0 votes)