July 02, 2024

ඌව පළාත් සභාවේ කල් ඉකුත් වෙයි 

2014 සැප්තැම්බර් මස 02 වැනි දා නිල කාලය අවසන්වීමට නියමිත ඌව පළාත් සභාව ළඟ දී ම විසුරුවා හැරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට මැතිවරණයක් පැවැත්වීමට ඉතිරි ව ඇත්තේ ඌව පළාත් සභාවේ පමණි.

මේ වනවිටත් මැතිවරණයට තරග කිරීමට අපේක්ෂකයන් මැතිවරණ ප්‍රචාරක කටයුතු අරම්භ කර ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු පවසයි. ඌව පළාත් සභාවට බදුල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික් ද්විත්වය අයත් වේ.

ඌව පළාත් සභාව සඳහා සභිකයින් 34 දෙනෙක් තෝරා පත් කර ගැනීමට නියමිතයි.

මේ වනවිට ඌව පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 26 දෙනෙක්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 07 දෙනෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙක් සිටී.

ප්‍රේමලාල් රත්නායක 

Rate this item
(1 Vote)