හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.
ඒ අද(12) පස්වරුවේ මෙම හමුව සිදුව ඇතැයි වාර්තා වනවා.
අරලියගහ මන්දිරයේ දී තමන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ බව දුමින්ද සිල්වා මහතා සඳහන් කරනවා.
ඔහු සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාර ගත කර සිටියදී ජනාධිපති විශේෂ සමාව යටතේ දුමින්ද සිල්වා මහතා නිදහස ලැබුවා.
ඉන් අනතුරුව ඔහු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ඇත්තේ අද දිනයේදීය.