June 23, 2024

බැසිල්ගේ ඇමතිකමට සුපිරි බලතල - ලැබුණු ආයතන ලැයිස්තුව මෙන්න

බැසිල් රාජපක්ෂ මහතා අද (08) දින මුදල් අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නා.

ඔහුට හිමි වී ඇති අමාත්‍යංශය යටතට මෙරට ආර්ථිකයට සම්බන්ධ ප්‍රබල ආයතන රැසක් එක් වී තිබෙනවා.

අද දින නිකුත් වූ ගැසට් නිවේදනය තුළ එම ආයතන පිළිබඳ තොරතුරු දැක්වෙනවා.

බැසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍ය ධූරයට අදාළ විෂය පථයන් ලෙස සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, වාර්ෂික අයවැය සහ විසර්ජන පනත් සම්බන්ධ වගකීම්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, දේශීය හා විදේශීය ඉතුරු කිරීම් සහ ආයෝජන, රාජ්‍ය ණය බැංකු, මූල්‍ය හා රක්ෂණ කටයුතු, ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා, සමාජ ආරක්ෂණ සහ ආර්ථික සංවර්ධන කටයුතු මෙහෙයවීම ආදිය අයත්.

අදාළ අමාත්‍ය ධූරයට හිමි වී ඇති ආයතන ඇතුළු සියළු තොරතුරු අයත් ගැසට් නිවේදනය පහතින්..

Rate this item
(1 Vote)
Last modified on Thursday, 08 July 2021 12:19