June 23, 2024

මහින්ද නව අමාත්‍ය ධූරයක දිවුරුම් දෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර නව අමාත්‍ය ධූරයක දිවුරුම් දුන්නා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ.

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙලෙස දිවුරුම් දී තිබෙනවා.

මීට පෙර ඔහු දැරුවේ මුදල් අමාත්‍ය ධූරයවන අතර මීට සුළු මොහොතකට පෙර එම අමාත්‍ය ධූරය බැසිල් රාජපක්ෂ මහතා වෙත හිමි වූවා.

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය නව අමාත්‍යංශයක් ලෙස ගැසට් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 July 2021 10:52