June 23, 2024

බැසිල් රාජ්‍ය නායකයා වන සැලැසුම පොහොට්ටු මන්ත්‍රී හෙළි කරයි

බැසිල් රාජපක්ෂ මහතා මෙරට රාජ්‍ය නායකයා වීමේ සියලු සුදුසුකම් සපුරා ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසින් පවසා සිටිනවා.

බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඊයේ (07) දිනයේ දී මේ බව ප්‍රකාශ කර සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ “බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා කිරීම සඳහා මේ රටේ බහුතර මහ ජනතාව පෙළ ගැහිලා ඉන්නවා. ඒ නිසා එතුමා 2024 ජනාධිපතිවරයා කිරීම පිළිබඳව ප්‍රශ්න ඇසිය යුතු නැහැ…” යනුවෙනි.

බැසිල් රාජපක්ෂ මහතා නිසැකවම මේ රටේ රාජ්‍ය නායකයා වීමේ පෙරනිමිති මේ වන විටත් පෙන්නුම් කරමින් සිටින බවද මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විසින් පවසා සිටියා.

Rate this item
(0 votes)