June 23, 2024

බැසිල්ගේ පාර්ලිමේන්තු ගමන ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් තීන්දුවක්!

ඊයේ (06) දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟ ඇති වූ පුරප්පාඩුව සඳහා එම පක්ෂයේ ම බැසිල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා වී තිබුණා.

ඒ අනුව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ඊයේ දිනයේ දීම බැසිල් රාජපක්ෂ මහතාව අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා නම් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන මැතිවරණ කොමිෂන් සභාවට භාර දීමට කටයුතු කළා.

මෙම මන්ත්‍රී ධූරය සම්බන්ධ තීරණය ගැනීමට අද (07) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව රැස් වූ අතර සාකච්ඡාවෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතාගේ නම ගැසට් කිරීම සඳහා කටයුතු කරන්නැයි පවසා තිබුණු බවයි සඳහන් වන්නේ.

එමෙන්ම අද උදෑසන බැසිල් රාජපක්ෂ මහතා විසින් මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවශ්‍ය කරන ලිපි ලේඛනවලට අත්සන් තැබූ බවට වාර්තා වන අතර එම අවස්ථාව සඳහා ඊයේ (06) දිනයේ ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ, සාගර කාරියවසම් සහ ජී.එල්.පිරීස් යන මහත්වරුන් එක්ව සිටියා.

දැනට ලැබෙන තොරුතුරු අනුව වාර්තා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා හෙට (08) දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 July 2021 15:02