May 02, 2024

බදියුදීන්ගේ නිවසේ සිටි දැරියකට අබිරහස් අනතුරක්

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසෙහි සේවය කළ සේවිකාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ දරුණු පිළිස්සුම් තුවාළ සහිතව යි.

වඩාත් සුවිශේෂී කරුණ වන්නේ මෙම සේවිකාව වයස අවුරුදු 16ක දැරියක් වීම යි.

බදියුදීන් මහතාගේ නිවස තුළ පෙරේදා (04) ඇති වූ ගින්නක් හේතුවෙන් මෙම දැරිය මෙලෙස පිළිස්සී ඇති බවට වාර්තා වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

දැරිය මේ ආකාරයෙන් දරුණු ලෙස පිලිස්සුම් තුවාළ ලැබූ අවස්ථාවේ දී බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු තවත් කිහිපදෙනෙකු නිවස තුළ සිට ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

රෝහල් ආරංචි මාර්ග පවසා සිටියේ දැරියගේ සිරුර 70%ක් පමණ පිළිස්සී ඇති බව යි.

ඇය මේවන විට දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සඳහන්.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 06 July 2021 20:16