May 05, 2024

ආණ්ඩු පක්ෂයෙන් පොලීසිය පතුරු ගහන යෝජනාවක් : ඉහළ සිට පහළටම දුෂිතයි - මහජනයාට එපා වූ දෙපාර්තමේන්තුවක්

පොලිසිය සම්බන්ධයෙන් මහජනතාව තුළ තිබෙන්නේ ඉතා අප්‍රසන්න හැඟීමක් බව පොදුජන පෙරමුණ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළේ කල් තැබීම සම්බන්ධයෙන් වූ විවාදයේ යෝජනාව ගෙන එමින්.

පසුගිය කාලය පුරාවටම පොලිසිය සම්බන්ධයෙන් විවිධ චෝදනා හා පැමිණිලි මාධ්‍යයෙන් මෙන්ම සමාජය තුළින් මතු වූ බව පෙන්වා දෙන යෝජනාව ගෙන ආ මන්ත්‍රීවරයා පොලිසියේ ඉහළ හා පහළ නිලධාරීන් යන කොට්ඨාස දෙකේම විනය පිරිහී ඇති බව දක්නට ලැබෙන බවයි සඳහන් කරන්නේ.

ජනතාව තුළ තිබෙන්නේ දැඩි අප්‍රසාදයක්

මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ගැන සමාජයේ තිබෙන්නේ දැඩි අප්‍රසාදයක් හා කලකිරීමක් බවත් ඉතා සුළු මුදල් වංචාවේ සිට කෝටි ගණනක මත්කුඩු ජාවාරම් වල යෙදෙන පොලිස් නිලධාරීන් සිටින බවට මේ වන විට තොරතුරු හෙළිදරව් වී ඇති බවත් හෙළිදරව් කරනවා.

ස්ත්‍රී හා ළමා අපචාර චෝදනා

එමෙන්ම ස්ත්‍රී හා ළමා අපචාරවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් ඉන්න බව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා වල වැඩි වශයෙන් වැඩි වශයෙන් කතාබහට ලක්වන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මීට පෙර මෙවැනි සිද්ධින් සුළු වශයෙන් සිදු වුවත් මේ වන විට එවැනි සිද්ධින් බහුලව අසන්නට ලැබෙන බවයි මන්ත්‍රීවරයාගේ අදහස වන්නේ.

මහජනතාව පැය ගණන් රස්තියාදුවේ

පොලිසියෙන් සේවාවක් ලබා ගැනීමට යන මහජනතාවට ද පැය ගණන් වරු ගණන් බලා සිටීමට සිදුව තිබෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට පොලිස් නිලධාරීන් හා පහසුකම් නොමැති බවට පොලිසියෙන් පැත්තෙන් මැසිවිලි නැගෙන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

එනිසා පොලිසිය නව ලොවට ගැලපෙන අයුරින් අලුත් දැනුමක් ඇතිව නව ඇඳුමකින් යුතුව ප්‍රතිසංවිධානය කළ යුතු බවට මන්ත්‍රීවරයා යෝජනා කරනවා.

මධුර විතාන මන්ත්‍රීවරයාගේ එම යෝජනාව ස්ථිර කරමින් කතා කළ මංජුලා දිසානායක මන්ත්‍රීවරිය වසර 155 කට ආසන්න ඉතිහාසයක් තියෙන මෙරට පැරණිම රාජ්‍ය ආයතනය වන පොලිසිය පොල් අතු පැලේ සිට මහා මන්දිරයේ ජීවත්වන්නා දක්වා වූ සියලු දෙනා වෙනුවෙන් නීතිය ඉටුකරන දෙපාර්තමේන්තුව බව අවධාරණය කරනවා.

තේමා පාඨය ධර්මයට අදාලයි

පොලිසිය ''ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලැබේ'' කියන තේමා පාඨය මුල් කරගෙන තිබුණත් වර්තමානයේ පොලිසිය සම්බන්ධයෙන් අහන දකින දේවල් ගැන ජන සමාජයේ දක්නට තිබෙන්නේ කිසිසේත්ම සුබදායී තත්ත්වයක් නොවන බවයි මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය පොලිසිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෙම යෝජනා සම්මත කිරීම මහජන ආරක්ෂක විෂය භාර සරත් වීරසේකර මහතා ඉදිරිපිටදීම කළ අතර විවාදයේ දී ඊට අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නා.

විෂය භාර ඇමතිගේ ප්‍රතිචාරය

සිය පිළිතුරේ දී අමාත්‍යවරයා සඳහන් කළේ සමස්ත පොලිසිම දූෂිත නොවන බවත් සුළු පිරිසකගේ එවැනි ක්‍රියා නිසා සමස්ත පොලිසියේම කීර්තිනාමයට හානියක් සිදුවන බවයි.

90000 ක පමණ සිටින පොලීසියේ දූෂිතයන් සිටින්නේ 1% ක් පමණ බව බව පෙන්වා දෙන අමාත්‍යවරයා එසේ චෝදනා එල්ල වූ අයට එරෙහිව විනය හා නීති පියවර ගෙන තිබෙන බවයි සඳහන් කරන්නේ.

මන්ත්‍රී කියන කාරණා වැරදියි

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ යෝජනාව ඉදිරිපත් කළ මධුර විතාන මන්ත්‍රීවරයා කියන ප්‍රමාණයට මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ පොලිස් නිලධාරීන් සිටින බව තමන් පිළිගන්නේ නැති බවයි.

පොලිසිය දින දෙකක් වසා තිබුනොත් රටට උදාවන තත්ත්වය ගැන කල්පනා කරන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා පොලිසියට ඔවුන් කරන සේවයට සිය ස්තූතිය පළ කරන බව සඳහන් කළා.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 06 July 2021 19:15

Related items