June 23, 2024

ආණ්ඩු පක්ෂය ඇතුළේ සටනක්! පොහොට්ටු මන්ත්‍රී හෙළි කරයි

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු එනවා නම් තමන්ගේ පාර්ලිමේන්තු අසුන පරිත්‍යාග කිරීම සඳහා මන්ත්‍රීවරුන් අතර සටනක් නිර්මාණය වී තිබේ.

මේ බව මුලින්ම අනාවරණය කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ය.

විපක්ෂයේ භිතීකාව බවට බැසිල් රාජපක්ෂ මහතා පත්ව ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ “නිකන් ඉඟියක් දෙන්නම් 08 වැනිදා උදෑසන වෙනකොට රටට හොඳ පැහැදිළි පිළිතුරක් ලැබෙයි” යනුවෙනි.

පක්ෂ විපක්ෂ දේශපාලනය තුළ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිම සම්බන්ධයෙන් විවිධ අදහස් පළවී තිබුණත් ඒ මහතා විසින් මේ දක්වා ඒ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.

දැනට වාර්තා වන අයුරින් බැසිල් රාජපක්ෂ මහතා මුදල් සහ ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ඇති බවයි සඳහන් වන්නේ.

Rate this item
(0 votes)