June 23, 2024

(EXCLUSIVE) බැසිල් - විමල් හමුව ගැන ගම්මන්පිල කරන හෙළිදරව්ව

බැසිල් රාජපක්ෂ මහතා සහ විමල් වීරවංශ අමාත්‍යවරයා අතර රහසිගත සාකච්ඡාවක් පැවැත් වූ බව සත්‍යයක් බවට තහවුරු කිරීමට තොරතුරක් හෝ දැනුවත් වීමක් තමන් සතුව නැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒෂියන් මිරර් වෙත හෙළිදරව් කරනවා.

මාව දැනුවත් කරලා නැහැ

සාමාන්‍යයෙන් විමල් වීරවංශ අමාත්‍යවරයා තමාට මුණ නොගැසුණුහොත් දිනකට වරක් හෝ දෙවරක් නිරතුරුවම කතා කරන බව සදහන් කරන ගම්මන්පිල අමාත්‍යවරයා එවැනි කතාබහකදී මෙවැනි හමුවක් සිදුවන බවක් හෝ එවැනි හමුවීමක් සිදු වූ බවක් පිළිබඳව කිසිදු දැනුවත් කිරීමක් නොකළ බවයි හෙළිදරව් කරන්නේ.

ඉකුත් මස 30 වැනි දින බැසිල් රාජපක්ෂ මහතා නිරෝධායනය වෙමින් සිටින කොළඹ ෂැංගිලා හෝටලයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් විමල් වීරවංශ අමාත්‍යවරයා සමඟ රහසිගත හමුවක් තිබූ බවයි මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

ගම්මන්පිල අමාත්‍යවරයා ඉහත සඳහන් හෙළිදරව්ව කරන ලද්දේ මෙම හමුව සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින්.

බැසිල්ට එනවට විරෝධය දක්වන පාර්ශව

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඉතා සමීපව කටයුතු කරන දෙදෙනෙක් වන අතර පොදුජන පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රසිද්ධියේම ගැටුම් ඇති කරගෙන තිබෙන්නේත් මේ දෙදෙනා සමඟයි.

බැසිල් රාජපක්ෂ මහතා ඉතා නුදුරේම ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ආර්ථික කටයුතු නමින් වූ ප්‍රබල අමාත්‍යධූරයක දිවුරුම් දීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේම සන්ධානගත පක්ෂ නායකයින් කිහිප දෙනෙකු සිය විරෝධය ජනපති හා අගමැති වෙත දක්වා තිබෙන බවත් වාර්තා වනවා.

විරෝධයට හේතුව ද්විත්ව පුරවැසිභාවය

ඒ බැසිල් රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය මුල්කරගෙනයි.

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් නායකත්වය දෙන්නේ හා නියෝජනය කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාට හිතවාදී කණ්ඩායම් සමග ගැටුම් ඇතිකරගෙන තිබෙන පොදුජන පෙරමුණේ සන්ධානගත පක්ෂ කණ්ඩායමය.

Rate this item
(0 votes)
Last modified on Monday, 05 July 2021 12:47