May 10, 2024

ආණ්ඩුවේ මුල් පුටුවල කෑලි ගැලවෙයි - බැසිල්ට හිමිවන තැන් ගැන අලුත් අනාවරණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත බව පැවසෙන බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳ දේශපාලන කරළිය තුළ මේවන විටත් උණුසුම් ලෙස කතාබහට ලක් වෙමින් තිබෙනවා.

එමෙන්ම ඔහු ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බවට යි වාර්තා වූයේ.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතාට හිමිවන අමාත්‍යාංශයට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ද ඇතුළත්වනු ඇති බව රජයේ නවතම ආරංචි මාර්ග පවසනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද ඔහුගේ අමාත්‍යංශයට පැවරෙනු ඇති බවට යි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

කොළඹ වරාය නගරය දැනට පවතින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යධූරය හොබවන නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේවන අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවතින්නේ නාමල් රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යධූරය හොබවන ඩිජිටල් තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ යි.

අදාළ ආරංචි මාර්ග පවසන ආකාරයට එම ආයතනවලට අමතරව බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අලුතින් ඇති කිරීමට යන ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතට තවත් ආයතන ගණනාවක් පැවරීමට නියමිතව තිබෙනවා.

එම ආයතන මේවනවිට පවතින්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, චමල් රාජපක්ෂ ඇමතිවරයා සහ නාමල් රාජපක්ෂ ඇමතිවරයා සතුව ඇති අමාත්‍යාංශ යටතේ බවයි වාර්තා වන්නේ.

බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් ලබන බ්‍රහස්පතින්දා (08) දිවුරුම් දීමට නියමිත බව පුවත් ආරංචි මාර්ග සඳහන් කරන අතර එදිනම හෝ ඊට පසු දින ආර්ථික සංවර්ධන හා මුදල් රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ද දිවුරුම්දීමට නියමිතව ඇතැයි එම පුවත් වාර්තා වැඩිදුරටත් පවසනවා.

Rate this item
(0 votes)