April 28, 2024

තිරය පිටුපස සිට යුද්ධය අවසන් කළ මිනිසා ගැන අවසානයේ හෙළිවෙයි (VIDEO) Featured

මෙරට ක්‍රියාත්මක වූ 30 වසරක යුද්ධය නිමා කිරීම සඳහා තිරය පිටුපස සිට භාර ධූර රාජකාරියක් ඉටු කළ පුද්ගලයා පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ඊයේ (02) දිනයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කර සිටියා.

එහිදී අමාත්‍යවරයා විසින් පවසා සිටියේ යුද්ධය පැවැති සමයේ දී ආරක්ෂක ලේකම්වරයා ලෙස වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලීසිය විශාල වැඩ කොටසක් කළ බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී තවදුරටත් පවසා සිටියේ “අපේ සහෝදර රාජ්‍යය ඉන්දියාව..ඒ අල්ලපු රාජ්‍ය එදා ඉන්දියාව කිව්වා නම් ගහන්න දෙන්නේ නැහැ කියලා..හැබැයි ඉන්දියාව ඒ වෙලාවේදී ඒ සහයෝගය ලබාදෙන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා ඒ දූත මෙහෙවර කරපු හින්දා..” යැයි පවසා සිටියා.

එමෙන්ම මෙරට ක්‍රියාත්මක වූ දැවැන්ත ව්‍යාපෘති බොහෝමයක් පිටුපස සිටියේ බැසිල් රාජපක්ෂ මහතා බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

බැසිල් රාජපක්ෂ මහතාගේ සම්පුර්ණ කාර්යම මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා යෙදෙව්ව බවද අරුන්දික ප්‍රනාන්දු මහතා එම මාධ්‍ය හමුවේදී පැවසුවා.

මෙරට ජනතාව රුපියල් 5000 ලබාදීම සඳහා මුදල් අමාත්‍ය මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඇතුළු මුදල් අමාත්‍යංශයට අවශ්‍ය ශක්තිය, කලමණාකාරණය කිරීමේ හැකියාවත් බැසිල් රාජපක්ෂ මහතා තිරය පිටුපස සිට ලබාදුන්නු බවද රාජ්‍ය අමාත්‍යරයා සඳහන් කර සිටියා.

ඔහු දැක්වූ සම්පුර්ණ අදහස පහතින්,

Rate this item
(0 votes)