May 19, 2024

පාසල් 2900ක් විවෘත කිරීමේ සූදානමක් - තෝරාගත් පාසල් මෙන්න

මේවන විට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය නිර්දේශවලට යටත් ව ආරම්භක පියවරක් වශයෙන් ළමුන් 100ට අඩු පාසල් විවෘත කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූල ව ජුලි මාසය තුළ එම පාසැල් යළි විවෘත කිරීමට සුදුසු ප්‍රායෝගික වැඩපිළිවෙළක් දියත් කිරීමට සූදානමින් පසුවන බව යි ඔහු සඳහන් කළේ.

බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ  ළමුන් 50ට අඩු පාසල් 1439ක් සහ ළමුන් 51-100 දක්වා පාසල් 1523ක් වශයෙන් පාසල් 2962ක් මූලික වශයෙන් ජූලි මාසය තුළ විවෘත කිරීමට බලාපොරොත්තුවන බව යි.

එමෙන්ම අනෙකුත් පාසල් නිසි සැලසුමකට අනුව විවෘත කිරීමට අපේක්ෂා කෙරෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළා.

Rate this item
(3 votes)
Last modified on Friday, 02 July 2021 17:38