April 29, 2024

දැන් ඇති: ශානි අබේසේකර තීන්දුවක් ගනී

මීට ටික දිනකට පෙර ඇප ලැබුණු මතභේදාත්මක චරිතයක් වන රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂකවරයා වන ශානි අබේසේකර මහතා පොලිස් සේවය සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවා.

ඒ පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමටයි.

තීරණය දැනුම් දෙයි

ඒ අනුව ඊයේ (30) සිය විශ්‍රාම යැමේ ලිපිය පොලිස් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට ශානි අබේසේකර අබේසේකර මහතා පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ශානි අබේසේකර මහතාගේ පොලිස් සේවයට වසර 35ක් සපිරෙනවා.

මතභේදාත්මක විමර්ශන රැසක්

මතභේදාත්මක හා ආන්දෝලනාත්මක විමර්ශනයන් රැසකට ශානි අබේසේකර මහතා සිය දායකත්වය ලබාදී තිබෙන අතර භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය , ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීමේ සිද්ධිය , ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය , නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය , රේගු අධිකාරි සුජිත් ප්‍රසන්න සිද්ධිය , හිටපු යුද හමුදාපතිවරයෙකු වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ විමර්ශනය , අනුරුද්ධ රත්වත්තේ හා ලොහාන් රත්වත්තේ සම්බන්ධ උඩතලවින්න දස පුද්ගල ඝාතන විමර්ශනය , රෝයල් පාක් සිද්ධිය ඒ අතර වනවා.

ශානි අබේසේකර මහතාගේ සේවය පිරිසක් ඇගයු අතර තවත් පිරිසක් එය දැඩිව විවේචනය කිරීම පසුගිය කාලයේ දක්නට ලැබුණා.

Rate this item
(4 votes)
Last modified on Thursday, 01 July 2021 20:01

Related items