May 06, 2024

ඒ ආනන්තරීය පාප කර්මයටත් ආණ්ඩුව අත ගහලා - විජේදාස රාජපක්ෂ

මේ වන විට රජය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා ත්‍රිපිටක සංරක්ෂණ කෙටුම් පත නමින් ශාසනයට හානි කරන පනත් කෙටුම් පතක් සකසන බවට තොරතුරු ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා හෙළිදරව් කරනවා.

ඉන්පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගතහොත් ඉන් ශාසනයට , බෞද්ධ භික්ෂුවට මෙන්ම බෞද්ධ ජනතාවට මුහුණ දීමට සිදුවන්නේ බරපතළ අනතුරකට බවටයි හිටපු බුද්ධ සාසන අමාත්‍යවරයාද වන රාජපක්ෂ මහතා අනතුරු අඟවන්නේ.

පනත සම්මත වුණොත් ශාසනය විනාසයි

ශාසනයට හානි කරන මේ පනත ගෙන ඒමට කටයුතු කරන පොදුජන පෙරමුණ ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන රාජපක්ෂ මහතා යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ කෙටුම්පත පනතක් ලෙස සම්මත වුවහොත් එමඟින් ශාසනයට සිදු වන විනාසයද කරුණු සහිතව පෙන්වා දෙනවා.

මෙම පනතින් නව බල අධිකාරියක් ගොඩනැගී සංඝයා සංඝයා වහන්සේලා අතර පවා අසමගියක් ඇති වන තත්ත්වයක් නිර්මාණය වන බවත් ඉන් බෞද්ධයන්ට පමණක් භික්ෂූන් වහන්සේලාටද ශාසනය එපා වන බවයි රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

සම්ප්‍රදායික බෞද්ධ පිළිවෙත විනාශ කිරීම

මෙම පනත් කෙටුම් කෙටුම් පතේ අන්තර්ගතයට අනුව මෙම පනත ක්‍රියාත්මක කිරීමේ බලය හිමි වන්නේ දේශපාලන අධිකාරිය විසින් කරනු ලබන පත්වීම් වලට බව පෙන්වා දෙන රාජපක්ෂ මහතා ඒ හරහා සාසනය තුළ නව බල අධිකාරියක් ගොඩනැගෙන බව පෙන්වා දෙන්නේ මේ වන විට සාසනය තුළ තීන්දු තීරණ ගන්නේ මහනායක හිමිවරුන්ගේ උපදෙස් හා අනුදැනුම මත බවද මතක් කරමින්.

යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පතේ අවසාන ප්‍රතිඵලය වන්නේ වසර දහස් ගණනක් පුරා ගොඩ නැගුනු මහනායක හිමිවරුන්ගේ බලය පහතට දමා ඊට උඩින් සංඝරාජ මට්ටමේ භික්ෂුන් වහන්සේ කෙනෙකු මතු කිරිම බව රාජපක්ෂ මහතා හෙළිදරව් කරනවා.

පනත පරද්දන්න එකතු වන්න

එනිසා මෙම පනත් කෙටුම්පත ගෙන එනු ලබන්නේ ශාසනය විනාශ කිරීම සඳහා කුමන හෝ කණ්ඩායමක අතකොළුවක් වූ කණ්ඩායමක් විසින් බවටද ඉඟියක් දෙන රාජපක්ෂ මහතා මෙම ශාසන විරෝධී , මහා සංඝරත්නයයා අතර ගැටුම් ඇති කරන මෙම පනත් කෙටුම්පත ගෙන ඒම වැලැක්වීමට සියලු දෙනා ඒකරාශී වන ලෙසයි ඉල්ලා සිටින්නේ.

මෙම අනතුරුදායක පනත සම්බන්ධයෙන් මේ වන විට අස්ගිරි - මල්වතු මහනාහිමිවරුන්ද දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බවයි රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ

Rate this item
(2 votes)
Last modified on Thursday, 01 July 2021 11:15