May 12, 2024

නාමල්ගේ වෙන්න අගමැති සිහිනයට තිත: පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් වෙනත් ඉල්ලීමක්

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු , අමාත්‍යවරයකු පමණක් නොව මීළඟ අග්‍රාමාත්‍යවරයා කළ යුතු බවට පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් බහුතරයකගේ මතය වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ බව බැසිල් රාජපක්ෂ හිතවාදී මන්ත්‍රීවරුන් මේ වන විට ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනවා.

මේ සමගම මීළඟ අග්‍රාමාත්‍යවරයා වීමේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ සිහිනය යටපත් වී ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ.

විශේෂයෙන්ම පොදුජන පෙරමුණ පසුපෙළ මන්ත්‍රීවරුන් 75කට වැඩි සංඛ්‍යාවකගේ මෙන්ම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට සමගි ජන බලවේගයේ සිට පැමිණි මන්ත්‍රීවරුන් 8 දෙනාගේ සහය හිමි වන්නේත් බැසිල් රාජපක්ෂ මහතාටයි.

පොහොට්ටු මන්ත්‍රීගේ මතය

පාර්ලිමේන්තුවේ 113ක කැමැත්ත තිබේනම් බැසිල් රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට හැකි බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් ඉඟියක්ද ලබාදෙමින්.

මේ වෙන විට බැසිල් රාජපක්ෂ මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කරන ලෙස ඉල්ලමින් අග්‍රාමාත්‍යවරයා වීමට අවශ්‍ය එම සංඛ්‍යාවද (113) ඉක්මවමින් ලිපියක් ජනපතිවරයා වෙත භාරදුන් බවත් ජගත් කුමාර මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

නාමල් යට යාම

මීට සති කීපයකට පෙර බැසිල් රාජපක්ෂ මහතා විදේශගතව සිටියදී මීළඟ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නා ලෙස ජ්‍යොතිෂවේදියෙකු නම් කළේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාවයි.

ඒ සමගම ඊට විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාද ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ පවුල් දේශපාලනය මත නොව හැකියාව මත එම ධුරයට පත්වීමේ සම්ප්‍රදායක් ගොඩනැගිය යුතු බවයි.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ රාජපක්ෂ මහතා යළි මෙරටට පැමිණීමත් සමග කඩිනමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක දිවුරුම්දී අමාත්‍යවරයෙකු ලෙස වැඩ භාරගැනීමේ වැඩ පිළිවෙලත් සමග මීළඟ අග්‍රාමාත්‍යවරයා විය යුත්තේ නාමල් රාජපක්ෂ මහතා නොව බැසිල් රාජපක්ෂ මහතා බව පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරුන් බහුතරයකගේ මතය වී තිබෙනවා.

බැසිල්ට මෙන් නාමල්ට ප්‍රතිචාර නැහැ

එහෙත් නාමල් රාජපක්ෂ මහතා මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ජෝතිෂවේදියා නම් කළ අවස්ථාවේ ඊට ආණ්ඩුව තුළ සිටින බැසිල් රාජපක්ෂ පාර්ශවය , විමල් වීරවංශ පාර්ශවය හෝ මධ්‍යස්ථ මතධාරින්ගෙන්ද බැසිල් රාජපක්ෂ මහතාට මෙන් කිසිදු ප්‍රතිචාරයක් හෝ අනුබලයක් නොලැබීමද විශේෂත්වයක්.

පොදුජන පෙරමුන මන්ත්‍රීවරුන් බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කොට ඉන් පසුව අමාත්‍ය ධුරයකට පත් කරන ලෙස කරන ඉල්ලීම මෙන්ම ඊළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරන ලෙස කරන ඉල්ලීම බැසිල් රාජපක්ෂ මහතාගේ අනුදැනුම නොමැතිව සිදු නොවන බව ප්‍රකට කරුණක්

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 June 2021 15:38