July 02, 2024

හෘද රෝග සඳහා විශේෂ වෛද්‍ය සායනයක්

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් උදය පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව යාපනය අර්ධද්වීපය තුළ සිවිල් වැසියන්ගේ සෞඛ්‍ය තත්වය නගා සිටුවීම මෙන්ම යුධ හමුදාව හා සිවිල් වැසියන් අතර සුහදතාව තව දුරටත් වර්ධනය කිරීමේ අරමුණින් හෘද රෝගීන් සඳහා විශේෂ වෛද්‍ය සායනයක් පවත්වන ලදි.

ඒ යටතේ ඉකුත් 29 වැනිදා 511 වැනි බළසේනා බළ ප‍්‍රදේශයෙහි පිහිටි උරුම්පිරායි හින්දු විද්‍යාලයේ දී හෘද රෝගීන් සඳහා වෛද්‍ය සායනයක් පැවැත්වු අතර ඒ සඳහා රෝගීන් 120 දෙනෙකු සහභාගී වූහ.

එමෙන්ම ඉකුත් 30 වැනිදා 512 වැනි බළසේනා බළ ප‍්‍රදේශයෙහි පිහිටි කොළම්බුතුරෙයි හින්දු මහා විද්‍යාලයේද හෘද රෝග සායනයක් පැවැත්වු අතර ඊට රෝගීන් 182 ක් පමණ සහභාගී වූහ.

511 වැනි හා 512 වැනි බළ සේනාවන්හි පූර්ණ සම්බන්ධීකරණයෙන් සංවිධානය කළ මෙම වෛද්‍ය සායනයන්ට කොළඹ නවලෝක රෝහලෙහි හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය රිචඩ් සල්දානා මහතා සහ වෛද්‍ය ක‍්‍රීසාන් ඩි සිල්වා යන වෛද්‍ය වරුන් ඇතුළු වෛද්‍ය මණ්ඩලයක් සහභාගී වූහ.

 

 

Rate this item
(0 votes)