June 22, 2024

බැසිල් පත් කිරීමේ ගැසට්ටුව සූදානම් - පොහොට්ටුව කඩිමුඩියේ වැඩ

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු ලෙස පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ සතිය ඇතුළත නිකුත් කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයකු මේ සතියේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතයි.

ඉන් අනතුරුව එම පුරප්පාඩුව සඳහා පක්ෂය විසින් බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යැවීමට නියමිතයි.

බැසිල් රාජපක්ෂ මහතාට මන්ත‍්‍රීවරයකු වශයෙන් පත්වීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් ලෙස පත්ව සිටින මහාචාර්ය රංජිත් බණ්ඩාර, ජයන්ත කැටගොඩ පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් යන මහත්වරුන්ගෙන් අයෙකු ඉල්ලා අස්වනු ඇතැයිද පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.

මන්ත‍්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ ප‍්‍රබල කැබිනට් ඇමැති ධුරයක දිවුරුම් දීමට නියමිත බවද එම දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)