June 22, 2024

ආණ්ඩුවේ ලොකු වෙනසක්! ඇමැති මණ්ඩලයත් වෙනස් කරයි

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීම කෙරෙහි ආණ්ඩුවේ අවදානය යොමුවී ඇති බව වාර්තා වනවා.

බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණීමට සමගාමීව මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකෙරෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

එහිදී මුදල් හා ආර්ථික සංවර්ධනය කේන්ද්‍ර කර ගනිමින් නව අමාත්‍යාංශයක් බිහි කිරීමටත්, සංවේදී අමාත්‍යාංශවල කාර්යභාරය යළි සමාලෝචනය කිරීමටත් නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන 06 වනදායින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක දිවුරුම් දෙනු ඇතැයි මේ දිනවල වාර්තා පළ වෙමින් පවතිනවා.

ඔහුට මන්ත්‍රී ධුරය ලබාදීම සඳහා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට මේ වනවිටත් කැමැත්ත පළ කර තිබෙනවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමෙන් පසු ඔහු මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුවී ඇති අතර එය අවසන් වීමට නියමිතව ඇත්තේ එළඹෙන 06 වනදායි.

පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ පක්ෂයේ නිලධාරින් සහ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා අතර ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද එළඹෙන 06 වනදායින් පසු සිදුකෙරෙනු ඇති බවයි.

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ද එම සාකච්ඡාවලදී අදහස් හුවමාරු වනු ඇති බව පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 29 June 2021 06:42