June 22, 2024

බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වෙන මන්ත්‍රීට තෑග්ගක්: තෑග්ග ගන්න පෝලිමක්

බොහෝ දුරට ලබන මස 6 වෙනි දින ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිතයි.

බැසිල් රාජපක්ෂ මහතාට ඒ සඳහා අවස්ථාව ලබා දීම සඳහා ජාතික ලැයිස්තුවෙන් ඉල්ලා අස්වන මන්ත්‍රීවරයාට ඒ කරන කැපකිරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ධූරය හෝ ඉල්ලා අස්වන  මන්ත්‍රීවරයාගේ සුදුසුකම්වලට ගැළපෙන වෙනත් රජයේ ඉහළම ධුරයක් ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

බැසිල් වෙනුවෙන් අස්වෙන්න පෝලිමක්

මේ වනවිට බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් සිය ජාතික ලැයිස්තු අසුන ලබාදීමට පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු නියෝජනය කරන මන්ත්‍රීවරුන් 18 දෙනා අතුරින් සැලකිය යුතු පිරිසක් සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වී සිටිනවා.

පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් , මහාචාර්ය රංජිත් බණ්ඩාර , ජයන්ත කැටගොඩ , ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මෙන්ම මුස්ලිම් ජාතික මන්ත්‍රීවරයෙක් වන මොහොමඩ් ෆලිල් මර්ඡාන් ඒ අතර සිටින බවයි දැනගන්නට තිබෙන්නේ.

අස්වෙන්නේ මේ දෙන්නා අතුරින් එක් අයෙක්

මේ අය අතුරින් බොහෝ දුරට බැසිල් රාජපක්ෂ මහතාගේ ඉතාමත්ම කිට්ටුවන්ත හිතවතෙකු වන මහාචාර්ය රංජිත් බණ්ඩාර හෝ රාජපක්ෂ පවුලේ නීතිඥවරයා වන ජයන්ත වීරසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් අස්වනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එසේ ඉල්ලා අස්වන මන්ත්‍රීවරයාට ඕස්ට්‍රේලියාවෙ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරය හෝ රජයේ ඉහළම තනතුරක් හිමි වීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 June 2021 19:26