June 22, 2024

බැසිල් පාර්ලිමේන්තුවට! ප්‍රබල ඇමතිකමකුත් සූදානම්

ඇමරිකාවේ සිට යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැති වුවද තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවයි.

මෙම දිවුරුම්දීම සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතර මත දෙකක් නිර්මාණය වී තිබෙනවා. ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් යෝජනා කර ඇත්තේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ජූලි මස 6 වනදා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දිය යුතු බවටයි.

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවෙන් පසුව බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දිය යුතු බවට ඇතැම් මන්ත්‍රීවරුන් මත පළ කර තිබෙනවා.

බැසිල් වෙනුවෙන් මන්ත්‍රී දෙපලක් 

එම ආරංචි මාර්ග සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස බවයි.

ඒ අනුව පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ජයන්ත කැටගොඩ හෝ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන දෙදෙනාගෙන් එක් අයෙකු ඉල්ලා අස්වනු ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමෙන් පසුව බැසිල් රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමට නියමිත බවද වාර්තා වනවා.

මාසයකට අධික කාලයක් ඇමෙරිකාවේ ගත කළ බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ යළි දිවයිනට පැමිණියා.

වැඩි කරනු ලැබූ පෙට්‍රල් මිල රුපියල් 5ත්7ත් අතර ගණනකිනුත්, ඩීසල් රුපියල් තුනත් පහත් අතර ගණනකිනුත් බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසුව අඩු කරනු ඇතැයි අපේක්ෂිතය.

බැසිල් රාජපක්ෂ මහතා 2010- 2015 රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරය ද දරනු ලැබුවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 June 2021 09:11