June 22, 2024

බැසිල් මේ පාර ආවේ ලොකු වැඩකට: ගුවනේදී දුන් ඉඟිය මහින්දගෙන් එළියට

බැසිල් රාජපක්ෂ මහතා අද (24) ඇමරිකාවේ සිට යළි ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් යානයේ මාස එක හමාරක පමණ කාලයක් විදේශ ගතව සිටි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද පැමිණියා.

ඒ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතායි.

හමුවීම අහම්බයක්

දෙදෙනාම එකම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණීම අහම්බයක්ද එසේත් නැතිනම් කලින් සැලසුම් කළ එකක්ද යන්න පිළිබඳව ඒෂියන් මිරර් මහින්ද සමරසිංහ මහතාගෙන් කළ විමසුමට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා සඳහන් කළේ එය අහම්බයක් බවයි.

තමන් ස්විට්සර්ලන්තයේ සිට යළි ශ්‍රී ලංකාවට පැමිණෙන ගමන් මාර්ගය ඩුබායි හරහා යෙදී තිබුණු බවත් බැසිල් රාජපක්ෂ මහතාගේද ඇමරිකාවේ සිට යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ ගමන් මාර්ගයද ඩුබායි හරහා යෙදී තිබුණු බව පෙන්වා දෙන මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයා දෙදෙනා ඩුබායිහිදී ශ්‍රී ලංකාව බලා පැමිණෙන ගුවන් යානයේදී මුණගැසුණු බවයි සඳහන් කරන්නේ.

එම ගුවන් ගමන සඳහා පැය හතර හමාරක පමණ කාලයක් ගත වූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

සැලසුම් හා අරමුණු රැසක්

එහිදී විශේෂයෙන් කතාබස් කළේ කුමක්දැයි කළ විමසුමට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතා රට මුහුණ දී තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් කතාබස් කළ බවයි.

ඉදිරියේදී මෙරට තීරණාත්මක ප්‍රශ්න කෙරෙහි ප්‍රබල මැදිහත්වීමක් කිරීමේ අරමුණක් හා හොඳ සැලසුමක් බැසිල් රාජපක්ෂ මහතා සතුව තිබෙන බව තමාට එම කතා බහේ දී හැඟී ගිය බවයි මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Rate this item
(6 votes)
Last modified on Saturday, 26 June 2021 07:15