June 22, 2024

බැසිල්ටත් ගැලවීමක් නෑ - ලංකාවට ආ සැණින් සිදුවූ දේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණියා.

ඔහු පිළිගැනීම සඳහා ‍මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක් ගුවන් තොටුපලට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවට සහභාගි වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කියා සිටියේ ලංකාවට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා සෞඛ්‍ය උපදෙස් මත පීසීආර් පරීක්ෂණයෙන් පසු නිරෝධායනය සදහා යොමු වන බවයි.

බැසිල් රාජපක්ෂ මහතා පැමිණීමෙන් හේතුවෙන් ජනතා බලාපොරොත්තු ඉටු වනු ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ජනතාව අසීරුතාවට පත්ව සිටින මේ අවස්ථාවේ ඔවුනට සහන ලබා දිය යුතු බව පක්ෂයේ මතය බව ද ඔහු සඳහන් කළේය.

විදෙස්ගතව සිට පැමිණෙන සියලු දෙනාට නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වීමට අවස්ථාව හිමි වන බව රජය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 24 June 2021 17:02