June 22, 2024

ඇමරිකා ගිය බැසිල් දිවයිනට - රටින් පිටවූ ආණ්ඩු ප්‍රබලයෙකුත් රැගෙන එයි

ඇමෙරිකාවේ සංචාරයක් සදහා පිටත්ව ගොස් සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (24) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු ඒෂියන් මිරර් වෙත පැවසුවා.
බැසිල් රාජපක්ෂ මහතා සමග, ඔහුගේ බිරිඳ සහ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ද එම ගුවන් යානයෙන් පැමිණි තිබුණා.
ඔවුන් ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් අද උදෑසන 8.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.
Rate this item
(0 votes)