May 16, 2024

ඇමති රත්තරන් අවුලෙන්: වරාය අධිකාරියේ ගෝලයවත් ගෙදර යවලා

වරාය අධිකාරියේ සභාපති හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා එම ධුරයෙන් ඉවත් වීමත් සමඟ කළමනාකාර අධ්‍යක්ෂවරයාද ඉවත් කොට තිබෙනවා.

එසේ ඉවත් කොට තිබෙන්නේ කළමණාකාර අධ්‍යක්ෂක ධුරය දැරූ සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර මහතාය.

යහපාලන ආණ්ඩුවෙත් ප්‍රබලයෙක්

සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර මහතා එම ධුරයට ගෙනවිත් තිබෙන්නේ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

යහපාලන ආණ්ඩු සමයේ හම්බන්තොට වරාය චීනයට බදු දීමේ ව්‍යාපෘතිය කළමනාකරණය කොට තිබෙන්නේ සරත් කුමාර හේමචන්ද්‍ර මහතා බවයි වාර්තා වන්නේ.

වෘත්තීය සමිති වල විරෝධය

කැබිනට් මණ්ඩල තීරණයක් හරහා වරාය අමාත්‍යවරයා කළ එම පත්වීම සම්බන්ධයෙන් වරාය පොදුජන පෙරමුණ වෘත්තිය සමිතියෙ දැඩි විරෝධයක් ද එල්ල වී තිබෙනවා.

එම විරෝධයද නොතකා අමාත්‍යවරයා සරත් කුමාර හේමචන්ද්‍ර මහතාව මෙතෙක් එම තනතුරේ තබා ගෙන සිට තිබෙනවා.

ඇමති අභයගුණවර්ධන දුකෙන්

දයා රත්නායක මහතා වරාය අධිකාරියේ සභාපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව සතුටකින් සිටී අබේගුණවර්ධන අමාත්‍යවරයා තමන් ගෙනා කළමනාකාර අධ්‍යක්ෂකවරයා ඉවත් කිරීම පිළිබඳව සිටින්නේ දැඩි කලකිරීමෙන් බවයි දැනගන්නට තිබෙන්නේ.

මේ වන විට වරාය අධිකාරියේ නව සභාපති වරයා ලෙස කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා පත් කර ඇති මුත් තවමත් කළ කළමණාකාර අධ්‍යක්ෂක වරයෙකු පත් කොට නැති බවයි වරාය ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 23 June 2021 14:57