July 02, 2024

විපක්ෂ නායකවරු අද නම් කරයි

බස්නාහිර සහ දකුණු පළාත් සභා සඳහා විපක්ෂ නායක ධුරය නම් කිරීම අද(03) පස්වරුවේ රැස්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සිදු කිරීමට නියමිතය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරු 04.00ට සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙන අතර බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයෙන් පසු අනතුරුව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන පළමු අවස්ථාව මෙයයි. 

කෙසේනමුත් බස්නාහිර පළාත් සභාව සඳහා හිටපු විපක්ෂ නායකවරයා වන මංජු ශ්‍රී අරංගල මහතා නැවත පත් කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි. 

Rate this item
(0 votes)