June 22, 2024

පොහොට්ටු ලේකම් පිටුපස සිටින්නේ බැසිල්ද? ගම්මන්පිලගෙන් ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා රැල්ලකට මෙන් සන්ධානගත පක්ෂවල නායකයින්ට එරෙහිව කටයුතු කරන බව පෙනෙන්නට තිබෙන බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ප්‍රථමයෙන් විමල් වීරවංශ අමාත්‍යවරයාට එරෙහිවද මේ ආකාරයටම කටයුතු කළ බවද දැන් තමාට එරෙහිව කටයුතු කිරීම හරහා පොහොට්ටු ලේකම්වරයා යම් රැල්ලකට අනුව කටයුතු කරන බව තහවුරු වන බවයි අවධාරණය කරන්නේ.

ගම්මන්පිල අමාත්‍යවරයා මේ බැව් සඳහන් කළේ අද (13) පැවති විශේෂ මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදියෙක් මේ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ලේකම් පිටුපස ඉන්නේ කවුද

සාගර කාරියවසම් මහතා පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා නොවේදැයි එහිදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ කෙනෙකු පිටුපස සිටින්නේ කවුරුන්දැයි ඉදිරියෙන් බලද්දී පෙනෙන්නේ නැති බැවින් ඒ බව කාරියවසම් මහතාගෙන්ම විමසා දැනගත යුතු බවයි.

ජනපති හා අගමැති තමාට කියූ දේ

කාරියවසම් මහතා තෙල් මිල ගණන් වැඩි කිරීමේ වගකීම තමන් ගත යුතු බවත් ඒ නිසා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව දන්වමින් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය පිළිබදව ජනපති හා අගමැති සිය ස්ථාවරය තමා හමුවේ ප්‍රකාශ කළ බව සඳහන් කරන අමාත්‍යවරයා එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි බවද මාධ්‍ය හමුවේදී විශේෂයෙන්ම අවධාරණය කළා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 13 June 2021 16:04